

ශ්‍රී ලංකා රියදුරු පාසල
SRI LANKA DRIVING SCHOOL
(1) ශ්‍රී ලංකාවේ මාර්ග නීති සංග්‍රහයේ අනතුරු හැඟවීමේ සංඥා දක්වා ඇත්තේ , “ කහ පසුබිමෙහි කළු වර්ණයෙනි”.
(2) වට රවුමක මූලික නීතිය වනුයේ , “ ඔබට දකුණින් පැමිණෙන වාහන වලට ඉඩදිය යුතු ය”.
(3) එක් දිශාවකට මංතීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්ථාවකදී ඔබ විසින් තෝරා ගත යුතු මංතීරුව වනුයේ, “ මාර්ගයේ මැද මංතීරුවය”.
(4) ඔබගේ වාහනය හා ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබාගත යුත්තේ, “ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයේ රියදුරු තැන හදිසියේ නතර කලහොත්, ඔබට ඔබගේ වාහනය ආරක්ෂාකාරි ලෙස නතර කර ගැනීමට හැකිවන නිසාය”.
(5) වාහනයක අවධානම හැඟවීමේ ලාම්පු (Hazard Lamps) පාවිච්චි කිරීම කළ යුත්තේ, “වාහනය අබල තත්ත්වයකට පත්ව නවතා තිබියදී පමණි”.
(6) වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසු කර යන අවස්ථාවකදී, “ඔබගේ වාහනයේ වේගය වැඩි නොකර පසු කරන්නාට ඔබගේ වාහනය පසුකර යාමට ඉඩ දිය යුතුය”.
(7) මංසන්ධි කොටුව සලකුණු කර ඇති ස්ථානයක දී, “ දකුණට හැරවීමේ දී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මංසන්ධි කොටුව තුලට ඇතුළු නොවිය යුතුය”.
(8) වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ, “ මංසංධියක සිට මීටර් 25 ක් සීමාවෙන් පිටත ය”.
(9) ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ, “පදික මාරුවක දී හෝ එයට ලඟා වන අවස්ථාවක දීය”.
(10) ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්, “වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරට පත් පුද්ගලයන් රැගෙන යාම සඳහා වාහනය පාවිච්චි කළ හැක”.
(11) රාත්‍රී කාලයේ දී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ, “රථ වාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය”.
(12) ඔබට වම් පසින් වාහනයක් පසුකර යා හැක්කේ, “ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදීය”.
(13) මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති විටෙක දී, “අනතුරක් වළක්වා ගැනීමට ගත වන කාලය වැඩි වේ”.
(14) රථ වාහන නීති පිළිපදින විටදී ප්‍රමුඛත්වය දිය යුතු නිවැරදි ආකාරය වනුයේ “පොලිස් සංඥා, වාහන ආලෝක සංඥා මාර්ග සංඥා, මාර්ගය මත පිහිටුවන සලකුණු”.
(15) ජවලනය වන (නිවෙන දැල්වෙන )ප්‍රධාන ලාම්පු වලින් හැඟවෙන්නේ, “ඔබ පැමිණෙන බව ය”.
(16) ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ, “අවදානම් වංගුවක දී ය”.
(17) අධිවේගී මාර්ගය පරිහරණය සඳහා තහනම් වනුයේ, “ත්‍රීවිල් රථ, ඉඩම් වාහන,මෝටර් සයිකල් සඳහා”
(18) ඔබ වාහනයක් පසුකර යාමට අදහස් කරන්නේ නම් ගත යුතු පළමු වෙනි ක්‍රියා මාර්ගය, “නිරීක්ෂණය කිරීම”.
(19) වාහනයක් නතර කිරීමේදී නැවැත්වීමේ දුර ලෙස හඳුන්වන්නේ, සිතීමේ දුරෙහි සහ තිරිංග යෙදීමේ දුරෙහි එකතුවයි”.
(20) වාහනය මහා මාර්ගයේ පදවාගෙන යන ඔබ මගීන් මාරුවන ස්ථානයක්,ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම, “වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කළ යුතුයි”.
(21) ඉදිරියෙන් යන වාහන ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම්, “මහා මාර්ගයේ හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකි දැයි පරික්ෂා කර තීරණය කළ යුතුයි”.
(22) ඔබ ඉදිරියේදී දකුණට හැරවිය යුතු නම් ගමන් කළ යුත්තේ, “දකුණු පැත්තට ගෙන යා යුතුයි”.
(23) ඔබ ඉදිරියේ දී වම් පැත්තෙ නතර කළ යුතු බව දන්නේ නම් වාහනය ගමන් කරවිය යුත්තේ, “මාර්ගයේ වම්පස තීරුවේ ය”.
(24) අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඔබ පිවිසෙන විට, “මාර්ගයේ දෙපස ම සාර්ථක ව නිරීක්ෂණය කිරීමෙන් පසු මාර්ගයට ගැනීම සුදුසුය”.
(25) ඔබට පසු පසින් පැමිණෙන වාහනයට ඔබව ඉස්සර කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඔබ විසින් කළ යුතු වන්නේ, “වාහනයේ වේගය අඩු කර වම්පසින් ධාවනය කර ඉස්සර කිරීමට ඉඩ දීමයි”.
(26) ඔබ වාහනය පදවාගෙන යන අවස්ථාවකදී ඔබගේ ජංගම දුරකතනය නාද වුවහොත්, “දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් වාහනය අයින්කර නවතා තබා දුරකථනයට ප්‍රතිචාර දැක්විය යුතුය”.
(27) ඔබ වාහනය පදවාගෙන යන අවස්ථාවකදී මාර්ගයේ ඉදිරියේ බාධකයක් නිසා වාහන පේළියක් එක් වාහනයක් පිටුපස එක් එක් වාහන නතර කර තිබෙන විට ඔබ විසින් කළ යුත්තේ, “මාර්ගයේ නතර වී ඇති අවසාන වාහනයට පසුපසින් නතර කර සිටීමයි”.
(28) ඔබ වාහනේ පදවාගෙන යන අවස්ථාවක ඉදිරියේ මාර්ගය අයිනේ බස් රථයක් නතර කර මගෙන් බසිමින් සිටී නම් ඔබ කළ යුත්තේ, “මගින් මාරුවේ යැයි බලාපොරොත්තුවෙන් නතර කර ගැනීමට හැකිවන සේ වේගය අඩු කර ධාවනය කිරීමයි”.
(29) ඔබ වාහනය පදවාගෙන යන අවස්ථාවකදී ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මංසන්ධියක් ඇති බව දැන ගත් විට, “සෑම අවස්ථාවකදීම සංඥා ලාම්පු වලට අවනතව ධාවනය කළ යුතුය”.
(30) රාත්‍රී කාලයේ දී වාහනයක් ධාවනය කිරීමේදී, “පෙනීම සීමා සහිත බැවින් වඩා සුපරික්ෂාකාරීව ධාවනය කළ යුතුය”.
(32) සංඥා එළි සහිත මංසන්ධියක දී පොලිස් නිලධාරි මහතෙකු වාහනය පාලනය කරයි නම් ඔබ ක්‍රියාකළ යුත්තේ, “පොලිස් නිළධාරි මහතාගේ අණ අනුව ය”.
(33)ඔබ පදවන වාහනය අතරමග දී ආපදාවකට ලක් වුවහොත් ඔබ කළ යුත්තේ, “හැකි උපරිම මට්ටමින් මාර්ගය අවහිර නොවන පරිදි වාහනය නතර කිරීම ය”.
(34) වැසි සහිත කාලගුණයක් ඇති අවස්ථාවක, වාහන වාහනය පදවන විට දී, සෑම විටම කළ යුත්තේ, “අඩු ගියරයක හෙමින් පැදවීමය”.
(35) බැවුම් සහිත මාර්ගයක වාහනය ධාවනය කිරීමේදී, “අඩු ගියරයක පැදවිය යුතු ය”.
(36) තැනිතලා බිමක වාහන නවතා තැබීමේ දී ඔබ කළ යුතු වැදගත් කාරණයක් වනුයේ, “නවතා තැබීමේ තිරිංග නිසි පරිදි යෙදීමයි”.
(37) අවදානම් හැඟවීමේ පහන් දැල්විය යුතු වනුයේ, “මහා මාර්ගයේ ආපදාවකට ලක්වූ වාහනයක් නවතා තබන විට දී ය”.
(38) මෝටර් වාහනයකට ඉන්ධන පිරවීමේදී, “ඉන්ධන පුරවන අවස්ථාවේදී එන්ජිම නවතා තැබිය යුතුය”.
(39) නව අංක තහඩු ක්‍රමය යටතේ ලබා දෙනු ලබන වාහන අනන්‍යතා පත්‍රය, “සෑම විටම වාහනය තුළ තබාගත යුතුය”.
(40) ඔබ රාත්‍රී කාලයේ දී වාහනයක් පදවාගෙන යන විට, “වාහනයේ ප්‍රධාන පහන් අවපාත කිරීම ය”
.
(41) වාහනයක් ඉස්සර කිරීමේදී අනුගමනය කළ යුත්තේ, “(3,4) වැනි වැඩි ගියරයක් තෝරා ගැනීම මගින් වැඩි වේගයක් ලබා දීම”.
(42) ධාවන තීරු තුනකින් යුතු මාර්ගයක තුන් වන තීරුව භාවිතා කළ යුත්තේ, “වෙනත් වාහනයක් පසුකර යෑමට හෝ දකුණට හැරවීමට හෝ අනතුරක් වළක්වා ගැනීමටය”.
(43) මහා මාර්ගෝපදේශ සංග්‍රහයේ අනතුරු හැඟවීමේ සංඥා වල වර්ණය වනුයේ, “කහ පසුතලයේ කලු පැහැය”.
(44) ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමේදී ඔබ ඉඩ දිය යුත්තේ, “දකුණෙන් සහ වමෙන් එන වාහන වලට ය”.
(45) රාත්‍රී කාලයේ දී ධාවනයේ දී ඉදිරියෙන් එන වානේ ප්‍රධාන පහන් ආලෝකය අඩු (අවපාත) නොකළ විට ඔබ කළ යුත්තේ, “වාහනේ වේගය අඩුකර ගැනීම හෝ නවත්වා ගැනීමට ක්‍රියා කිරීම”.
(46) සුදුපාට තනි ආයත රේඛාවක් මාර්ගයේ මැද සලකුණු කර ඇති විට, “ඉර කපා දකුණට හැරවිය හැක, ඉස්සර කිරීම කල නොහැක”.
(47) වාහනයක් පිටුපසට පැදවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පිළිවෙළින්, “වාහනේ පාර අයිනට සමාන්තරව නවත්වා අතුරු මාර්ගය අවම දුරින් පිටුපසට පැදවීමයි”.
(48) ඉස්සර කිරීම නො කළ යුත්තේ, “කන්දක් මුදුනින් ඇති අවස්ථාවකය”.
(49) පදික මාරුව හඟවන සංඥා පුවරුව දුටු විට කල යුත්තේ, “වාහනයේ වේගය අඩු කර ගැනීමයි”.
(50) යාමට සූදානම් වීම සඳහා ආලෝක සංඥාව වල, “කහ පාට සමඟ රතු පාට පහන් දැල්වේ”,
(51) වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහපැහැ පහන දැල්වුවහොත්, “ආලෝක සංඥා විධානයට අවනත විය යුතුය”.
(52) වට වංගුවක් කරා එන විට ඉදිරියෙන් කහ පැහැ ආලෝක සංඥාව නිවෙමින් දැල්වෙමින් පැවතුනහොත්, “වට වංගුවේ නීති අනුගමනය කළ යුතුය”.
(53) වාහන වල අඳුරු පැහැ ගන්වනු ලබන වීදුරු සඳහා දැනට ඇති රෙගුලාසි වනුයේ, “ඉදිරි දොර දෙකෙහි වීදුරු හා ඉදිරි වා මුවාවේ උසින් පහෙන් හතර පංගුවක් යට කොටසින් අඳුරු කළ නොහැක”.
(54) රථ වාහන ආලෝක සංඥා වල කොළ බල්බය දැල්වේ නම් ඊළඟ අවස්ථාව වනුයේ , “කොළ නිවී ගොස් කහ පැහැය දැල්වීමයි”.
(55) රථ වාහන ආලෝක සංඥා වල රතු බල්බය දැල්වේ නම් ඊළඟ අවස්ථාව වනුයේ, “රතු එසේම තිබියදී කහ බල්බය දැල්වීමයි”.
(56) රිය අනතුරකින් පොලිස් ස්ථානයට වාර්තා කිරීම සඳහා දී ඇති සහන කාල සීමාවේ උපරිමය, “පැය 24 යි”.
(57) වාහනයක් මාර්ගයේ අනතුරකට පත් වූ විටෙක, “එම වාහනයේ පිහිටී පිහිටීම සලකුණු කොට රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇත.
(58) වාහනයක් ධාවනයේදී මීටර් පුවරුවේ රතු බල්බයක් දැන් වේ නම්, “වාහනය වහාම නතර කර දෝෂය කුමක්දැයි තහවුරු කර ගත යුතු ය”.
(59) මහා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු වාහනයක් යනු, “එහි සියලුම අංග මනා කාර්මික තත්වයෙන් යුතු බව, රක්ෂණ සහතිකය ආදායම් බලපත්‍රය සමග අවශ්‍ය ලේඛන තිබිය යුතුය”.
(60) ආලෝක සංඥා මඟින් පාලනය වන මංසන්ධි කොටුව සලකුණු කර ඇත්තේ, “කොළ පැහැති ආලෝකය දැල්ලුවත් මංසන්ධි කොටුවෙන් පිට වීමට නොහැකි නම් දකුණට හරවන වාහන හැර අනෙක් කිසිදු වාහනයක් ඇතුළු නොකිරීමට”.
(61) ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් ( Manual Transmission Vehicle) තැනිතලා බිමක ගමන් ආරම්භක ක්‍රියාවලියේ අවසානයේ අවසාන මොහොතේ දී දෙපා තිබිය යුතු අයුරු, “දකුණු පාදය ඇක්සලේටරයේ සහ වම් පාදය ක්ලච් පෙඩලයේ”.
(62) පහලට බෑවුමක දී පිටුපසට පදවන ස්වයංක්‍රීය ගියර නොවන වහනයකදී ( Manual Transmission Vehicle) දෙපා තිබිය යුතු අයුරු, “වම් පාදය ක්ලච් පැඩලයේ සහ දකුණු පාදය තිරිංග පැඩලයේ”.
(63) ස්වයංක්‍රීය ගියර නොවන වාහනයක් ( Manual Transmission Vehicle) සාමාන්‍ය තැනිතලා නිදහස් මාර්ගයේ ධාවනයේ දී දෙපා තිබිය යුතු අයුරු, “වම් පාදය බිම තහඩුවේ සහ දකුණු පාදය ඇක්සලේටරයේ”.
(64) ස්වයංක්‍රීය ගියර් නොවන වාහනයක්( Manual Transmission Vehicle) මාර්ග තදබදය ඇති අවස්ථාවක ධාවනයේදී දෙපා තිබිය යුතු අයුරු, “වම් පාදය ක්ලච් පැඩලයේ යාන්තමට සහ දකුණු පාදය ඇක්සලේටරයේ”.
(65) වාහනයක් පසුකර යාමේදී නිවැරදි ක්‍රමය වනුයේ, “මාර්ගය හොඳින් නිරීක්ෂණය කර සංඥා යොදා වාහනය නිවැරදිව පාලනය කිරීම ය”.
(67) වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී මුලින්ම කළ යුත්තේ, “කණ්නාඩියෙන් පිටුපස බැලීමය”.
(68) වෙනත් වාහනයකට ඉස්සර කිරීමට සූදානම් වන විට තවත් අයෙක් ඔබ ට ඉස්සර කිරීමට එන බව හැගුණ හොත් මුලින්ම කළ යුත්තේ, “වහාම ඉතා පැහැදිලි ලෙස තමන් වම් අයිනට ඒමට සූදානම් බව හඟවන සංඥාව දැමීමයි”.
(69) පදික වේදිකාව අයිනේ දික් අතට මාර්ගයේ කහ ඉරක් ඇඳ තිබුණහොත්, “එම ස්ථානයේ වාහන නවතා තැබිය නොහැක”.
(70) පදික වේදිකාව අයිනේ දිග අතට සුදු ඉරක් ඇඳ තිබුණහොත්, “මාර්ගයේ අයින පෙන්නුම් කරන ආසන්න රේඛාවය”.
(71) නාගරික සීමාව තුළදී අනුමත උපරිම වේග සීමාවන්, “යතුරුපැදි, මෝටර් කාර්, ද්විකාරය පැ.කි.මී. 50 වෙළඳ වාහන පැ.කි.මී. 50, ත්‍රී රෝද රථය පැ.කි.මී.40”.
(72) පදික මාරුවක් ඇති විට, “පදික මාරුව හරහා පමණක් පදිකයින්ට මාරු විය හැක”.
(73) රථ වාහන ආලෝක සංඥා වල කහ එළිය පමණක් දැල්වේ නම්, “ඊළඟට රතු එළිය දැල්වෙන බැවින් නැවැත්විය යුතුය”.
(74) ඔබ ගමන් කරන මාර්ගයේ ඉදිරියට නොපෙනෙන වංගුවක් ඇති විට ඔබ කළ යුත්තේ, “නතර කිරීමට බලාපොරොත්තුවෙන් වේගය අඩුකර වරක් නලාව ශබ්ද කරගෙන යාමය”.
(75) පාර මැද තනි සුදු ඉරක් ඇති විට, “සුදු ඉර කැපෙන සේ ඉස්සර කිරීම තහනම්ය”.
(76) පාරේ මැද එක ලගින් සුදු ඉරි දෙකක් ඇති විට, “ඉර කැපෙන සේ ඉස්සර කිරීම හෝ දකුණට හැරවීම තහනම්ය”.
(77)මෝටර් වාහනයක ඉදිරිපස බෆරය මත ලෝහමය ආරක්ෂක වැටක් සවි කිරීම, “නීත්‍යානුකූල නොවේ”.
(78) රියදුරු විසින් වාහනයක් පදවන සෑම සෑමවිටම තම රියදුරු බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීම, “නීතිමය අවශ්‍යතාවයකි”.
(79) තම වාහනයට ඉදිරියෙන් ගමන් කරන වාහනයකට වම්පසින් පසින් පසුකර යා හැකි වන්නේ, “ඉදිරියෙන් ගමන් කරනවනේ දකුණට හරවන බවට සංඥා කොට ඇති විටයි”.
(80) වාහන නවතා තැබීමේ දී ඔබ දී ඔබ කළ යුතු වැදගත් කාර්යයක් වන්නේ, “නවතා තැබීමේ තිරිංග නිසි පරිදී යෙදීමයි”.
(81) අවධානම් හැඟවීමේ පහන් දැල්විය යුත්තේ, “මහා මාර්ගයේ ආපදාවකට ලක්වූ වාහනයක් නවතා තබන විට දී පමණකි”.
(82) මෝටර් වාහනයකට ඉන්ධන පිරවීමේදී, “ඉන්ධන පුරවන අවස්ථාවේ එන්ජිම නවතා තැබිය යුතුයි”.
(83) වට රවුමක පිළිපැදිය යුතු නීතිය වන්නේ, “පොලිස් නිලධාරියකු පාලනය නොකරන්නේ නම් දකුණු පසින් පැමිණෙන වාහන වලට ඉඩදීමයි”.
(84) වාහනයේ ටයර වල හුලං නියමිත ප්‍රමාණයට වඩා අඩු වූ විට, “ටයරය දෙපැත්තෙ ඉක්මනින් ගෙවීයයි”.
(85) වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ, “රළු ලෙස තිරිංග යෙදීම සහ ත්වරණය කිරීම”.
(86) ස්වයංක්‍රීය නොවන ගියර පෙට්ටියක් ඇති වාහනයක ගියර් මාරු කිරීමේ අපහසුතාවක් ඇත්නම් වඩාත් හේතු වන්නේ, “ක්ලච් එක නිසි පරිදි ක්‍රියා නොකීරීමයි”.
(87) ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාජ්/charg) නොවන බවට දල්වන බල්බයඑකවිට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කළ යුත්තේ, “ඔල්ටනේටරයේ හෝ ඩයිනමෝව කරකැවීමට ඇති බෙල්ට් එක පරීක්ශා කල යුතුයි”.
(88) ඒකාකාරී නොවන හදිසියේ හදිස්සියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේනම් එයින් පෙන්නුම්කරන්නේ, “බ්‍රේක් ඩ්‍රම් ඩිස්ක් හෝ ලයිනර් දෝශ සහිත වීම”.
(89) ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ, “ටයරයේ වායු පීඩනය පමණට වඩා වැඩි බවයි”.
(90) එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ, “චලනය වන කොටස් වල ගෙවීම් අවම කර ගැනීම සදහාය”.
(91) ඩිෆරන්සලයේ ක්‍රියාකාරීත්වය කුමක්ද, “වාහනය වංගුවක ධාවනය කිරීමේදී රෝද වල වේගය වෙනස් කිරිමය”.
(92) වාහනයක් ධාවනය කිරිමේදී ඉදිරිපස දෙදරිමට හේතු විය හැක්කේ, “සුක්කානම් පධ්ධතියේ කොටස් ගෙවී තිබීමය”.
(93) වාහනයක ජල පොම්පයේ ක්‍රියාකාරිත්වය වනුයේ, “එන්ජිම තුළ ජලය සංසරනය ඇති කිරීමය”.
(94) වාහනය පදවාගෙන යන අවස්ථාවක එකවිටම තිරිංග පද්ධතියට සම්බන්ධ පාලන බල්බය දැල්වුනහොත් ඔබ විසින් කළ යුත්තේ, “වාහනය වහාම නවත්වා තිරිංග තෙල් ඇතිදැයි පරික්ෂා කිරීම”.
(95) වාහන ටයර් වල වායු පීඩනය අඩු වූ විට, “ටයර් වල දෙපැත්ත ගෙවී මැද ඉතිරි වේ”.
(96) සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ, “සුක්කානම් පද්ධතියේ කොටසක් ගෙවී ඇති විට”.
(97) ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේදී, “එන්ජිම ධාවනය වෙමින් තිබියදී වතුර පිරවිය යුතුයි”.
(98) ඔබ පදවාගෙන යන වාහනේ විදුලි දෝෂයක් නිසා වයර් පිලිස්සෙන ගඳක් ඇති වුවහොත් වහාම කළ යුතු වන්නේ, “බැටරි වයර ගැලවීමයි”.
(99) වාහනයක් ලිස්සා යන අවස්ථාවේ දී අවදානම අඩුකර ගැනීම සඳහා, “ගියර් මඟින් පාලනය කර ලිස්සා යන දිශාවට ක්‍රමාණුකූලව සුක්කානම පාලනය කළ යුතුය”.
(100) තිරිංග තෙල් භාවිත කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදු වේ නම් ඉන් අදහස් වනුයේ, “තිරිංග තෙල් කාන්දු වීමක් ඇති බවයි”.
(101) වාහනයට තිරිංග යෙදීමේදී වම් පැත්තට ඇදී යන්නේ නම්, එයින් අදහස් වනුයේ, “ඉදිරිපස වම් වම්පැත්තෙ රෝදයේ තිරිංග තෙල් කාන්දු වීමයි”.
(102) වාහනයක් ධාවනය කිරීමේදී ගියර් මාරු කිරීමේ අපහසුතාවක් ඇත්නම් වඩාත්ම විය හැක්කේ, “ක්ල්ච් එක නිසි පරිදි ක්‍රියා නොකිරීමයි”.
(103) වාහනයේ ටයර් වල හුලං නියමිත ප්‍රමාණයට වැඩි වූ විට, “ටයරය මැද ඉක්මනින් ගෙවී යයි”.